එම්රේට් රාජ්‍යය නැනෝ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂ ගතකරයි



එක්සත් අරාබි එම්රේට් රාජ්‍යය බදාදා උදෑසන නැනෝ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂ ගත කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  

මෙම චන්ද්‍රිකාව කක්ෂ ගතකර ඇත්තේ පසුගියදා ඉන්දියාව ඉන්දියාවේ සතිෂ් ධවාන් අභයාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කල නෙයිෆ් -1 අභයාවකාශ යානාය හරහාය. 

එම්රේට් රාජ්‍යය දියත් කල නැනෝ චන්ද්‍රිකාව මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (MBRSC) සහ සාජා නුවර පිහිටි ඇමරිකානු විශ්ව විද්‍යාලය (AUS) අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් වේ.

මෙම ව්‍යාපෘතිය මගින්  එමිරේට්ස් ඉංජිනේරු සිසුන්ට නැනෝ චන්ද්රිකා නිර්මාණය, ගොඩනැගීම, පරීක්ෂා කිරීම සහ මෙහෙයවීම ආදියෙන් අත්දැකීමක් ලබාදීමට සැලසුම් කරන ලද්දකි.

“මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමත් සමගම එක්සත් අරාබි එමීර් රාජ්යයේ පුරවැසියන් උත්සාහයන් සමඟ නව විද්‍යාත්මක සොයාගැනී සාක්ෂාත් කර ගැනීමේ නිවැරදි මාර්ගයට පැමිණ ඇති බව අපගේ විශ්වාසයයි." ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සභාපති, අතිගරු ෂෙයික් හම්ඩන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මැක්ටියුම් ප්‍රකාශ කල බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කලේය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS