එන්නත් සමාගම් 3 ක් මෝදිගේ නිරීක්ෂණයට



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා එන්නත් සංවර්ධනය සහ නිෂ්පාදනය කෙරෙන සමාගම් තුනක් පෞද්ගලිකවම නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (28) එම සමාගම්වලට යෑමට නියමිතය.

ඒ අනුව අහ්මෙදාබාද්හි පිහිටි සයිඩස් බයෝටෙක් පාක්, හයිද්‍රාබාද් බාරත් බයෝටෙක් සහ පූනේ හි පිහිටි සේරම් ආයතනය යන සමාගම් ත්‍රිත්වය එලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වනු ඇත.

බ්‍රිතාන්‍ය හා ස්වීඩන සමාගමක් වන ඇස්ට්‍රාසෙනකා සමාගම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව අත්හදා බලන ‘කොවිඩ්-19’ එන්නත සහ ඇමෙරිකානු එන්නත් සමාගමක් වන ‘නොවැවැක්ස්’ සමාගම අත්හදා බලන ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ සේරම් ආයතනය මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇත.

ඒ.එෆ්.පී./රොයිටර්ස්


RECOMMEND POSTS