එන්නත දරුවන්ට සුදුසුදැයි බැලේ



වයස අවුරුදු 6 ත් 18 ත් අතර දරුවන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත සුදුසුදැයි බැලීමේ සායනික පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පවසයි.

 

එළිදක්වා ඇති මාත්‍රා දෙකකින් සමන්විත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත මේ වනවිට අවුරුදු 18 ට අඩු දරුවන්ට ලබා දෙන්නේ නැත. ඒ, සායනික වශයෙන් දරුවන් තුළ එන්නත සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ නොදත් නිසාය.

නියැදියක් ලෙස අවුරුදු 6 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් 300 දෙනකු තෝරා ගනිමින් එන්නත අත්හදා බැලීමට ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් තීරණය කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතට මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමැතිය හිමි වී තිබේ. ඉන්දියාවේ සේරම් ඖෂධ නිස්පාදන සමාගම 'කොවිෂීල්ඩ්' යනුවෙන් නිපදවන්නේ ද මෙම එන්නතය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS