එච්අයිවී ආසාදිතයන්ගේ විස්තර ප්‍රසිද්ධියට



සිංගප්පූරුවේ එච්.අයි.වී. ආසාදිතයන් 14,000 ක පිරිසකගේ සියලු විස්තර සොරකම් කර අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇතැයි පැවැසෙයි.

මෙම 14,000 අතර විදේශ සංචාරකයෝ ද වෙති. තොරතුරු මෙසේ අන්තර් ජාලයට මුදා හැර ඇතැයි සැක කරෙන්නේ එච්.අයි.වී. ආසාදිත 33 හැවිරිදි ඇමෙරිකන් වෛද්‍යවරයකු බව ද පැවැසෙයි. ඔහු මිකී ෆරේරා යැයි සිංගප්පූරු ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

සිංගප්පූරුවේ පුද්ගලයන් මිලියන 1.5 කගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් පසුගිය මාසයේ ද සිදුවිය. ඒ අතර, සිංගප්පූරු අගමැති ලී සෙයින් ලූන්ගේ විස්තර ද ඇතුළත් බව පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS