උතුරු කොරියා නායකයා තුති පුදයි



සීත ඔලිම්පික් උලෙළට තම රටට ඇරැයුම් කිරීමත්, තම රාජ්‍ය නියෝජිතයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සෙසු නිලධාරීන් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කිරීමත් සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ප්‍රමුඛ රජයට ස්තුති කර ඇත.

දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළ හැඳින්වෙන්නේ ‘සාමයේ ඔලිම්පික් උලෙළ’ යන නමිනි. ඒ, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යහපත් සබඳතා ආරම්භ කිරීමට ක්‍රීඩා උලෙළ හේතුවක් වීමය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රජය පමණක් නොව, පාලක පවුල ද නියෝජිනය කරමින්, කිම් ජොන් උන්ගේ බාල නැගණිය කිම් යෝ ජොංග් දකුණු කොරියාවට පැමිණියාය.

උතුරු කොරියාවෙන් පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් උණුසුම් ලෙස පමණක් නොව ඉතා ගෞරවයෙන් පිළිගැනීමට දකුණු කොරියානු රජය කටයුතු කළේය. ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද ලබා දීමට කටයුතු කළේය.

දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු නියෝජිත පිරිස දකුණු කොරියානු රජය තමන් පිළිගත් අයුරු ප්‍රසංශනීය යැයි පවසමින්, උතුරු කොරියානු නායකයාට දන්වා ඇති අතර, උතුරු කොරියා නායකයා ඒ ගැන අතිශය පැහැදීමට පත් ව සිටින බව ද පැවැසෙයි. ඔහු දකුණු කොරියානු ජනපති සහ රජයට තුති පුද කර ඇත්තේ ඒ අනුවය.

සාම්ප්‍රදායික මෙන්ම ගතානුගතික මත දරණ ඇතැයි දකුණු කොරියානුවෝ, දකුණු කොරියානු රජය මේ අයුරින් උතුරු කොරියාව සමඟ මිතුදම් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධතා පවා පැවැත්වූහ. ඔවුන් සෝල් අගනුවර විරෝධතා පවත්වමින් කිම් ජොන් උන්ගේ ඡායාරූප පවා ගිනි තබන්න වූහ.

කිම් යොං ජොංග් තම සොහොයුරා වෙනුවෙන් දකුණු කොරියා ජනාධිපති කිම් ජොන් උන්ට ඇරැයුම් කළේ උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන්නැයි කියාය. එම ආරාධනාව දකුණු කොරියා ජනපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS