ඉරාක ආරක්ෂක අංශ වාහන 12ක් සහ සැක කරුවන් 76ක් අත් අඩංගුවට ගනී



සොරකම් කරන ලද වාහන 12ක් සහ සැක කරුවන් 76 දෙනෙකු ආරක්ෂක අංශ නිලධාරින් විසින්  අල්ලා ගන්න ලද බව ඉරාකයේ අම්රියාත් අල් සොමොද් දිස්ත්‍රික් ප්‍රධානි  ෂකීර් මහමුද් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆලූජා නගරයට කි.මි 23ක් දකුණු දිගින් පිහිටි අමීරීයාට් අල්-සොමොද් දිස්ත්‍රිකයේදිය.

මෙම අල්ලාගත් පිරිස වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා රැදවුම් මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව දිස්ත්‍රික් ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේය.

සිටියේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දිගටම මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මෙම මෙහෙයුම් වල ප්‍රධාන ඉලක්කය වන්නේ දිස්ත්‍රිකය පුරා පවතින අපරාධ මර්ධනයට හා පුපුරණ ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට බවත් අම්රියාත් අල් සොමොද් දිස්ත්‍රික් ප්‍රධානියා වැඩි දුරටත් සඳහන් කළේය.

 

(ඉරාකි නිවුස් ඇසුරෙනි) ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS