ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා



ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, පාලක භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා ද වන අමිත් ෂා, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස අසාදිතයකු බව තහවුරු වී තිබේ.

පසුගිය දින කීපයේ තමා ආශ්‍රය කළ අය වහාම වෛද්‍ය පරීක්ෂණවලට යොමු වන ලෙසත්, නිරෝධායනය වී සිටින ලෙසත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

55 හැවිරිදි අමිත් ෂා, රෝහල්ගත කෙරුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. ලොව තෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

(එන්.ඩී.ටීවී.‍)


RECOMMEND POSTS