ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර ඇරැඹේ



මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස ද හැඳින්වෙන ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ දෙවැනි අදියර අද (18) ආරම්භ විය.

අද දිනයේ මැතිවරණ පැවැත්වෙන්නේ ඇසෑම්, බිහාර්, චතිස්ගාර්, කර්ණාටක, මහාරාෂ්ට්‍ර, මනීපූර්, ඔඩිෂා, තමිල්නාඩු, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය සහ පුදුචෙරි යන ප්‍රාන්තවලය.

ජම්මු කාශ්මීරයේ ද මැතිවරණය පැවැත්වීමට නියමිත වුවත්, පවතින දේශපාලනික අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව පැවැසෙයි. ජම්මු කාශ්මීර පවතින්නේ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS