ඉතියෝපියා කැරැලි නායකයා මරාදැමේ



ඉතියෝපියාවේ අමාරා පළාතේ හමුදා කැරැල්ලට මෙහෙයවූ කැරැලි නායක බි්‍රගේඩියර් ජනරාල් අසාමිනෙව් සිගේ මරා දැමීමට ඉතියෝපියා හමුදාව සමත් වී ඇත.

ජනරාල් අසාමිනෙව් මරා දමා ඇත්තේ ඔහු අමාරා පළාතේ අගනුවරින් පලා යෑමට තැත් කළ අවස්ථාවේදි යැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමාරා පළාතේ කැරැල්ල හටගත්තේ පසුගිය සති අන්තයේය. එය මර්දනයට ඉතියෝපියා හමුදාපති මෙකොන්නෙන් ගිය අවස්ථාවේ, ඔහු ද ඝාතනය විය. ඒ, ජනරාල් අසාමිනෙව්ට හිතවත් හමුදා සොල්දාදුවන් අතිනි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS