ඇෆ්ගන් මැතිවරණ නිලධාරීහු 8 ක් මරුට



තලේබාන් ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගන් මැතිවරණ නිලධාරීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මැතිවරණ නිලධාරීන් අට දෙනා ජීවිතක්ෂයට පත් වූයේ ඔවුන් ගමන් කරන්න වූ වෑන් රථය ඉලක්ක කර ගනිමින්, මාර්ගය අසල අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙනි. වෑන් රිය බෝම්බ ප්‍රහාරයට හසුවූයේ කන්දහාර් පළාතේදීය.

ප්‍රහාරය එල්ල වූ සැණින් එහි වගකීම ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් බාර ගනු ලැබූ බව ද වාර්තා විය. ඇෆ්ගන් ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ, වසර දෙකක ප්‍රමාදයකින් ද පසුවය.

මේ අතර ඇමෙරිකාව තාලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ. එම සාකච්ඡා සඳහා ඇෆ්ගන් රජය සම්බන්ධ කර නොගන්නා බව ද වාර්තා වේ. ඇමෙරිකාව පවසා ඇත්තේ තලේබාන් නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවය.

කන්දහාර්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS