ඇමෙරිකාවේ ඉන්දීය පවුලකට වෙඩි ප්‍රහාරයක්



ඇමෙරිකාවේ  අයෝවා ජනපදයේ බටහිර දෙමස් මයිනේස් නගරයේ පදිංචි වී සිටින ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් පවුලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් සැමියාත්, බිරිඳත්, ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් මියගොස් ඇති බව පොලිසිය කියයි. පුතුන් දෙදෙනා අවුරුදු 15 ත් 10 ත් අතරේ පසුවන බව පැවැසෙයි.

සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඇමෙරිකන් තානාපති නිලධාරීන් ද ඒ ගැන විමසීමක් කරන බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ලෝවාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS