ඇමෙරිකාව බලපෑම් කරනවා



න්‍යෂ්ටික අවිහරණ කටයුතු කඩිනම් කරන්නැයි, ඇමෙරිකාව උතුරු කොරියාවට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවා යැයි දකුණු කොරියා රජය කියයි.

උතුරු කොරියාව පවසා ඇත්තේ ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු අවසන් කිරීමට වසරක් පමණ ගතවනු ඇති බවය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඇතුළත් ‘කොරියානු අර්ධද්වීපය’ න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීම සිදුවන්නේ ද උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ යෝජනාවකට අනුවය.

කිම් ජොන් උන් සාමයට කැමැත්තක් දැක්වීමත්, බෙදී වෙන්වුණු කොරියාව යළි එනම රටක් බවට පත් කිරීමටත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ දකුණු කොරියානු රජයේ පැසැසුමට මෙන්ම සතුටට ද හේතුවක් වී ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ කැමැත්ත පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුවිය යුතුයි යන්න දකුණු කොරිාවේ අදහස වී තිබේ. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා අතර පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේ හමුව පැවැත්වූයේ ද දකුණු කොරියාවේ මැදිහත්වීමෙනි.

න්‍යෂ්ටික අවිහරණ කටයුතු පමණක් නොව, මිසයිල අත්හදා බැලීමේ කටයුතු ද ඉතා මන්දගමී යැයි ඇමෙරිකාව උතුරු කොරියාවට චෝදනා නගා ඇත. එය සැලකිල්ලට ගෙන උතුරු කොරියාවට යළිත් වරක් සම්බාධක පැනැවීමක් කරනවා යැයි ද ඇමෙරිකාව තර්ජනය කර ඇත.

උතුරු කොරියාව පෙරළා පවසා ඇත්තේ ඇමෙරිකාවෙන් දිගටම බලපෑම් එල්ල වන බවත්, එසේ බලපෑම් එල්ල වෙනවාට තමන් අකමැති බවත්ය. එය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ හටගත් මිත්‍රත්වයට තර්ජනයක් එල්ල වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS