ඇන්ජෙලා මාකෙල් සිවුවැනි වරටත් ජය ගනී



ජර්මන් ෆෙඩරල් මැතිවරණයෙන් සිවුවැනි වරටත් ජයගහණය කිරීමට චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් සමත් වූවාය.

ජර්මනියේ ඡන්දය පැවැත් වූයේ 24 දා ය. එහිදී ඇන්ජෙලා මර්කල්ගේ කොන්සවර්ටිව් පක්ෂයට කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට නොහැකි විය. වසර 70 කට පසු පක්ෂය පසුබෑමකට ලක් වුණු පළමු අවස්ථාව මෙය විය. කෙසේ නමුත් එම පසුබෑම පක්ෂයේ ජයග්‍රහණයට බාධාවක් නොවිණි.

මැතිවරණයේ දී ඇන්ජෙලා මාකෙල්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාර්ටින් ෂූල්ස්ය. කෙසේ නමුත් ජර්මන් චාන්සලර් ධුරයේ වසර 12ක අත්දැකීම් ඇති ඇන්ජෙලාට ඔහු අභියෝගයක් නොවුණු බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS