ආහාර හිඟයක් ගැන බියක් නෑ



ඕමානය හා තුර්කිය කටාරයේ සහයට සිටින නිසා කටාරයේ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බැවින් සාමාන්‍ය පරිදි කටයුතු කරන්නැයි එරට රජය වැසියන් ගෙන් ඉල්ලීමක් කරයි.

එළවඵ කිරි බිත්තර කුකුල් මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොගයක් ඕමානයේ සිට පැමිණෙමින් ඇති බවත් තුර්කියේ සිට නැවුම් කිරි යෝගට් ඇතුඵ එදිනෙදා අවශ්‍ය  වන කිරි ආහාර හා තවත් ආහාර තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා ලැබුණු බවත් කටාර් රාජ්‍ය බලධාරින් නිවේදනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ගල්ෆ් කළාපීය රටවල් කිහිපයක් විසින් කටාර් රාජ්‍යය හුදකලා කිරීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මෙන්ම ආහාර හිඟයක ඇති වේ යැයි කටාර් වැසියන් තුළ බියක් හටගෙන තිබේ.

එහි ආහාර හිගයක් ඇති වේ යැයි බොහෝ මාධ්‍ය  වාර්තා කළ නමුත් කටාර් රාජ්‍යය එහි වැසියන්ට දන්වා සිටියේ රජය කෙරෙහි විශ්වාසය තබා බිය නොවී සිටින ලෙසය.

යම් ආහාර හිඟයක් ඇති වෙමින් පවතින්නේ නම් ඊට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය තුර්කියනේ ආනයනය කරන බව ද කටාර් බලධාරිහු නිවේදනය කර තිබිණි.

කටාර් රාජ්‍යය හුදකලා වුවහොත් දිගමට තව රාජ්‍ය කටාර් රාජ්‍යය කටාර් රාජ්‍යය ට සහය දෙන බවත් අවශ්‍ය සෑම උදව්වක්ම ලබා දෙන බවත් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩගොන් මහතා පසුගියදා තුර්කි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ  කර තිබිණි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS