ආසියානු - අප්‍රිකානු ගෘහ සේවිකාවන් නිති විරෝධීව ඕමානයට ගෙන්වන ජාවාරමක්



ඕමාන රජයේ ලියාපදිංචියකින් තොරව ඕමාන රියාල් 1500 කට වඩා අඩු මුදලකින්  (රුපියල් පන්ලක්ෂ හැත්තෑ දහසක් පමණ) වැය කරමින් ආසියා සහ අප්‍රිකා රටවල් වලින් ගෘහසේවිකාවන් එරට ගෙන්වා ගැනීමේ නීතීවිරෝධී ශ්‍රමික වෙළද ජාවාරමක් ඕමානයේ සොහාර් ප්‍රෙද්ශයෙන් වාර්තා වේ.

මෙලෙස මුදලකට ගෙන්වන ගෘහසේවිකාවන් අතුරින්  වැඩිදෙනා  ශ්‍රී ලංකාව ,නේපාලය ,ඉන්දියාව , බංග්ලාදේශය , පිලිපීනය , සහ අප්‍රිකානු රටවලට අයත් කාන්තාවන් වන අතර ඔවුන් වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සදහා එරටට ගෙන්වා ගනු ලැබේ. මෙම ගෘහසේවිකාවන් ගැන  තානාපති කාර්යාල වලට කිසිදු තොරතුරු දැනුම්දීමකින් නොමැතිව කෙටි කාලයක් තුළදී ඕමානයට ගෙන්වා ගැනීම විශේෂත්වයකි.

ඕමාන නීතියට අනුව එරටට ගෙන්වන සියලුම ගෘහසේවිකාවන් ඕමාන රජයේ සහ එම සේවිකාවන් පැමිණෙන රටවල් හි තානාපති කාර්යාල හරහා ලියාපදිංචි වීමෙන් අනතුරුව ගෙන්වා ගැනේ. නමුත් සොහාර් හි රැකියා ඒජන්සිකරුවන් ඉතාම සරල ලෙසින් මෙම සේවිකාවන් ගෙන්වා ගැනීම අතිශය පුදුමයකි.

සොහාර් වීදියේ රැකියා ඒජන්සිකරුවන්ට මෙලෙස ශ්‍රී ලංකාවෙන් ගෘහසේවිකාවන් ගෙන්වා ගැනීම අතිශය පහසුවෙන් හා ඉතාම ඉක්මනින් ගෙන්වා ගත හැකි කටයුත්තක් බව කියා සිටිති. එයට හැදුනුම්පත, වීසා බලපත්‍රය හා වැටුප් විස්තර වාර්තා පමණක් ලැබීමෙන් ඔවුන් වසර දෙකක කොන්ත්‍රාත් පදනම මත ඕමානයට ගෙන්වා ගත හැකි බවය. නුපුහුණු ගෘහසේවිකාවකගේ වැටුප ඕමාන් රියාල් 80ක්ද ,පුහුණු ගෘහසේවිකාවගේ වැටුප ඕමාන් රියාල් 100 ත් 120ත් අතර  වන වන බවද එම තැරැව්කරුවෝ කියා සිටිති.

ඕමානයේ සොහාර් හි රැකියා ඒජන්සි තැරැව්කරුවෙකු වන පුද්ගලයෙක් ඕමානයේ ටයිම්ස් ඔෆ් ඕමාන පුවත්පත හා සම්බන්ධ වෙමින් කියා සිටියේ ‘‘මගේම මාර්ගයකින් මෙම සේවිකාවන් ගෙන්වා ගැනීම සදහා  තානාපති කාර්යාලය හරහා ගනුදෙනු කිරීම් සිදු කරනවා. ඒ නිසා කිසිම අවස්ථාවක ඔවුන්ට එම තානාපති කාර්යාල වලට යෑමට අවශ්‍ය වන්නේ නැහැ. අපි ඔවුන්ගේ හැමදේම ඉතාම හොදින් බලා ගන්නවා. ඕමාන රියාල් 1200 කින් නිදහසේ තමන්ට කැමති අයැදුම් පත්‍රයක් හා සේවිකාවකගේ  පින්තූරයක් බැලීම විතරයි..“ එම රැකියා ඒජන්සිකරු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වල ගෘහසේවිකාවන් කිහිපදෙනෙකුගේ විස්තර හා ඡායාරූප පෙන්වමින් පැවසීය.

සොහාර් හි වීදි පුරා පවතින්නේ මෙවැනි අඩුම මුදලකට ගෘහසේවිකාවන් ගෙන්වා ගන්නා ආයතනයන්ය. එහි සිටි තවත් රැකියා ඒජන්සිකරුවෙකු කියා සිටියේ මෙසේය “ අපිට ශ්‍රී ලංකාව ,නේපාලය ,ඉන්දියාව ආසියා සහ අප්‍රිකා රටවල් වලින් ගෘහසේවිකාවන් ගෙන්වන්නේ මාස හයකටත් වඩා අඩු කාලයකින්. ඕමාන් රියාල් 200ක් ගාස්තුවක් අපි මෙලෙස ගෙන්වන ගෘහසේවිකාවන් වෙනුවෙන් අය කර ගන්නවා. ඔබට ඉතාම කෙටි කාලයකින් ගෘහසේවිකාවක් අවශ්‍ය නම්,එම සේවිකාව ගෙන්වා ගැනීමට වීසා නිකුත් කර ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. මස්කට් නුවර සිටින අපේ නියෝජිතයෙක් දුරකථනයෙන් ඇමතීමෙන්.‘

ඕමාන රජයේ ලියාපදිංචියකින් තොරව ඕමාන රියාල් 1500 කට වඩා අඩු මුදලකින් වැය කරමින් ආසියා සහ අප්‍රිකා රටවල් වලින් ගෘහසේවිකාවන් ගෙන්වා ගැනීමේ නීතීවිරෝධී ශ්‍රමික වෙළද ජාවාරම ගැන මාධ්‍යයට අදහස් දැක්වූ සොහාර් හි සමාජ සේවකයෙකු කියා සිටියේ සංචාරක වීසා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන කාන්තාවන් මෙලෙස නීතිවිරෝධී ආකරයෙන් ගෘහසේවිකාවන් වශයෙන් බදවා ගන්නා බවය. මේ වගේ අතරමං වුණු කාන්තාවන් 13 දෙනෙකු අපි බේරා ගෙන තියෙනවා.

මෙම නීතිවිරෝධී වෙළදාම ගැන මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පැවසූයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව පැමිණෙන සියලු දෙනාම නීතිවිරෝධී ලෙස පැමිණි අය වශයෙන් සලකන බවය. එලෙස විවිධ ඒජන්සි නියෝජිතයින් හරහා නීතියට පටහැනි ලෙස ඕමානයට පැමිණි ලාංකික කතුන් 70 දෙනෙකු එරෙහිව නඩු ගොනු වී ඇති බවද පැවසූ එම නිලධාරියා  එය වැලැක්වීමට  ඕමාන රජයේ සහාය දිගින් දිගටම ඉල්ලා සිටින බවද පැවසීය.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් ඔෆ් ඕමාන් ඇසුරෙනි....


RECOMMEND POSTS