ආසියාතික කාන්තාවන් 4 ඕමානයේදී අත්අඩංගුවට



ආසියාතික කාන්තාවන් 4දෙනෙකු ඇම්පෙටමින් පෙති ලග තබාගැනීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඕමාන අධිකරණය හමුවේ නඩු පවරා ඇත.   

මෙම කාන්තාවන හතර දෙනා සොහාර් වල පිහිටි හෝටල් කාමරයකිදී ඕමාන් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් සිදුකරන ලදි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.  

එම කාන්තාවන් හතරදෙනා සංචාරක විසා ලබාගෙන ඕමානයට පැමිණ ඇති බව ඕමාන් රාජකීය පොලිස්යේ නිළධාරියකු සදහන් කලේය. 

දවස් කීපයකට ඉහතදී මෙවැනිම කාන්තාවන් කණ්ඩායමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම කාන්තාවන් මිනිස් ජාවාරම්, ගණිකා වෘත්තිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත පුද්ගලයින් සමග සම්බන්ධකම් ඇති බවට පොලීසිය විසින් සිදුකරන ලද විමර්ෂණ වලදී අනාවරණ වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන සංචාරක විසා ලබාගෙන පැම්ණෙන සංචාරකයි සදහා නව නීතිරීති මාලාවක් හදුන්වාදීමට යන බව රේගු බළධාරීන් විසින් නිවේදනය කලේය.  

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS