අලි ඇතුන් 90 ක් මරා දමලා



අනවසර දඬයක්කරුවන් අපි‍්‍රකාවේ බොට්ස්වානා රාජ්‍යයේ වන රක්ෂිතයක අලි ඇතුන් 90 දෙනකු ඝාතනය කර ඇතැයි එරට රජය පවසයි.

අපි‍්‍රකා අලි ඇතුන් බහුලව වෙසෙන අපි‍්‍රකා රාජ්‍යය වන්නේ බොට්ස්වානාය. වන රක්ෂිතයේ අලි ඇතුන් සංගණනයක් පැවැත්වුණු අතර, මරා දැමුණු අලි ඇතුන්ගේ සිරුරු හමුවී ඇත්තේ එම අවස්ථාවේදීය.

මෙම අලි ඇතුන් ඝාතනය වී ඇත්තේ පසුගිය සති කිහිපය ඇතුළතදී යැයි ද පැවැසෙයි. අලි ඇතුන්ට අමතරව සුදු රයිනෝ සතුන් පස් දෙනකු ද උන්ගේ අං ලබා ගැනීම සඳහා මරා දමා ඇති බව බොස්ට්ස්වානා වනජීවී නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

වන ජීවී නිලධාරීන්ට ලබා දුන් අවි ආයුද ආපසු ගැනීම සහ වන ජීවී නිලධාරීන් වෙනුවෙන් ලබා දුන් ප‍්‍රතිපාදන කප්පාදු කිරීම පසුගිය කාලයේ සිදුවිය. එසේ කළේ ඇයිදැයි බොට්ස්වානා  රජය පැහැදිලි කර නැත. අලි ඇතුන් පමණක් නොව, රයිනෝ සතුන් ද මෙසේ ඝාතනය වී ඇත්තේ උන් ආරක්ෂා කිරීමට වන ජීවී නිලධාරීන් අපොහොසත් වූ නිසා යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS