අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්



(සිරිනිහාල් ගමගේ)

වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකතනයේ සටහන්ව තිබු සැකකටයුතු පුද්ගලයකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

මෙම පුද්ගලයා සතුව කිසිදු අනන්‍යතාවයක් සහතික කිරීමට හැදුනුම්පතක් හෝ වෙනත් කිසිදු ලේඛනයක් තිබී නැත.

ඔහු පවසන පරිදි කොලබවැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් කැනඩාවේ සේවය කර ලංකාවට නිවාඩුවකට පැමිණි බවත් නම සුරේෂ් ශ්‍රී කාන් බවටත් පොලිසියට පවසා ඇත.

පසුව ඔහු සන්තකයේ වූ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී කැනඩාවේ ආයතනයක සේවක හැඳුනුම්පතක් තිබී එහි නම ලෙස ශ්‍රී කාන් කාන් ලෙස සඳහන්ව තිබී ඇත.

මෙම පුද්ගලයා කුමක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණියේද යන්න විමසීමේදී එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවී එම ස්වාමීන් වහන්සේව හමුවීමට පැමිණි බව පවසා ඇත.

ඔහු සතුව තිබු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප හා ගාල්ල නගරයේ විවිධ ස්ථාන වල ඡායාරුප එම දුරකතනයේ සටහන්ව තිබී හමුවී ඇත.


RECOMMEND POSTS