අයහපත් කාලගුණයක්



නිතිරදිග ඇමෙරිකාවේ ජනපද හරහා හමා යන හිම කුණුටු සහ දැඩි හිම පතනය හේතුවෙන් දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකන් කාලගුණ විද්‍යා ඒකක පෙන්වා දී ඇත්තේ සෙන්ටි මීටර් 20 ත් 33 ත් අතර හිම පතනයක් වාර්තා වී ඇති බවය. හිමකුණුටුවෙන් වැඩිපුර හානි සිදුවී ඇත්තේ නිව්ජර්සි ජනපදයටය. ඒ අනුව හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් වාර 2000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS