අගමැති අබේට විශිෂ්ට ජයක්



ජපාන මැතිවරණයෙන් අගමැති ෂෙන්සෝ අබේගේ ‘ලිබරල් ප්‍රජාතන්තයාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවී ඇතැයි ජපාන පුවත් සේවා වාර්තා කරයි.

නිකුත් වුණු ඡන්ද ප්‍රතිඵල අනුව, අබේගේ ‘ලිබරල් ප්‍රජාතන්තයාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බහුතරයක් හිමිවී ඇති බව පැවැසෙයි.

ජපන් අගමැති අබේගේ අවශ්‍යතාව මත මෙම මැතිවරණය ඊයේ (22) දිනයේදී පැවැත්විණි. ජපානයට, උතුරු කොරියාවෙන් තර්ජන එල්ල වෙයි. ඊට මුහුණදීමට තීන්දු තීරණ ගැනීමේදී ජනතා සහාය තමන්ට අවශ්‍ය බව පවසමින් අගමැති අබේ මැතිවරණයකට ගියේය.

බහුතර බලයක් හිමිවීමෙන් පසු, අගමැති අබේට උතුරු කොරියාව සම්බන්ධයෙන් දළදඬු තීරණ ගැනීමට අවස්ථාව උදා වී ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, පළමු වරට ජපන් හමුදාව ‘ජාතික ආරක්ෂක බළඇණියක්’ ලෙස වෙනස් කිරීමට ද අගමැති අබේ සූදානම් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS