79 ක් පැහැර ගැනෙති



අප්‍රිකාවට අයත් කැමරූන් රාජ්‍යයේ, බටහිර දෙසින් පිහිටි බමෙන්ඩා නගරයේ පාසල් නේවාසිකාගාරයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, එහි නැවැතී සිටි පාසල් දරුවන් 79 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

පළාත් ආණ්ඩුකාර ඇඩොල්පේ ලීලී ලැෆ්රික් මාධ්‍ය හමුවේ කියා සිටියේ උතුරු සහ දකුණු වශයෙන් කැමරන් රාජ්‍යය දෙකට කිරීමට සටන් වදින බෙදුම්වාදී කැරැලිකරුවන් විසින් මෙම දරුවන් පිරිස පැහැරගෙන යන්න ඇති බවය. පැහැරගෙන යනු ලැබුවේ අවුරුදු 10 ත් 14 ත් වයස්වල දරුවන් බව කැමරූන් ආරක්ෂක අංශ පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS