‘වායු’ ගුජරාටයට



කාලගුණ විද්‍යාඥයන් විසින් ‘වායු’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව හෙට දිනයේ (12) ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තය හරහා හමා යනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

කුච් සිට දකුණු ගුජරාටය තෙක් වෙරළ තීරය අවට අවදානම් පළාත්වල වෙසෙන ලක්ෂ තුනකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පාසල්, විශ්ව විද්‍යාල පමණක් නොව, ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ද වසා දැමීමට ගුජරාට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ගුජරාටය යනු ඉන්දීය අගමැති නෙරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS