‘ඩොරියන්’ කැනඩාවට යයි



බහාමාස් දූපත කලඹමින්, ඇමෙරිකාව පසු කළ ‘ඩොරියන්’ සුළි කුණාටුව මේ වනවිට කැනඩාවේ නෝවා ස්කොටිකා වෙත පැමිණ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හෙලිෆැක්ස් වෙත සුළි කුණාටුව කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 160 වේගයකිනි. සුළි කුණාටුවේ වේගය මේ වනවිට අඩුවෙමින් පවතින බව ද වාර්තා වේ.

සුළි  කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපැයුම් පද්ධති මුළුමනින්ම අඩපණ වී ඇත. නිවාස ලක්ෂ 4 කට විදුලි බලය නොමැති බව ද පැවැසෙයි. ගුවන් ගමන් කටයුතුවලට පවා සුළි කුණාටුවෙන් බාධා එල්ල වී තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS