‘අම්පන්’ ඉන්දියාවට බංග්ලාදේශයට



බෙංගාල බොක්කේ වර්ධනය වුණු ‘අම්පන්’ ප්‍රචණ්ඩ සුළි කුණාටුවේ බලපෑම බංග්ලාදේශයට පමණක් නොව ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තවලට ද එල්ල වී ඇත.

මෙය මෑත කාලයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වූ දරුණුතම සුළි කුණාටුව යැයි කාලගුණ විද්‍යාඥයෝ බිය පළ කරති. පැයට කිලෝ මීටර් 240 ක වේගයකින් තද සුළං සමඟ ‘අම්පාන්’ ඉන්දියාවටත් බංග්ලාදේශයටත් නඩා වැදුණේ මහ වැසි ද සමඟිනි.

වෙරළාසන්නව ජීවත් වන වැසියන් ලක්ෂ ගණනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. ඉන්දියාව සහ බංග්ලාදේශය ‘කොවිඞ් 19’ වයිරසයෙන් බැට කන ආසියානු රටවල් දෙකකි. ජනතාව මෙසේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ දී වයිරස ව්‍යාප්තියක් සිදුවේවි යැයි බියක් හටගෙන තිබේ.

චෙන්නායිහිදීය (එන්.ඩීටීවී.)


RECOMMEND POSTS