ෆ්ලොරෙන්ස් ඇමෙරිකාවට කඩාවදී



පැයට කිලෝ මීටර් 140 ක තද සුළං ද සමඟ ‘ෆ්ලොරෙන්ස්’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා රට අභ්‍යන්තරයට කඩා වැදුණි.

ඇමෙරිකා කාලගුණ විද්‍යාඥයන් සුළි කුණාටුව නම් කර ඇත්තේ ප‍්‍රබලත්වයෙන් සිවුවැනි ස්ථානයේ පවතින සුළි කුණාටුවක් කියාය. සුළි කුණාටුව පැමිණෙන බව කල් තියා අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු ඇඟවූහ.

කාලගුණ විද්‍යාඥයන්ගේ ලැබුණු තොරතුරු පාදක කර ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට්විටර් පණිවුඩයක් ප‍්‍රසිද්ධ කරමින් අනතුරු ඇඟවීමක් ද කර ඇත. ‘වසර ගණනාවකින් නැගෙනහිර වෙරළ තීරයට නඩා වැදුණු ප‍්‍රචණ්ඩතම සුළි කුණාටුව මෙයයි’ යැයි ට‍්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වී තිබේ.

අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින්, අනාරක්ෂිත ස්ථානවල පදිංචි මිලියනයක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. කාර්යාල සහ පාසල් වසා දැමුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS