සියයට 60 ක විදුලිය හොරකම් කරලා



අප්‍රිකාවට අයත් ලයිබීරියාවේ සියයට 68 ක විදුලිය ප්‍රමාණයක්, එරට වැසියන් විසින් හොරෙන් ලබා ගන්නා බව එමගින් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 35 ක් බවත් එරට විදුලිය බල මණ්ඩලය පෙන්වා දෙයි.

නිවාස පමණක් නොව, ව්‍යාපාරික ස්ථාන සඳහා ද මෙසේ නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබා ගැනීම සිදුවන බව ද පැවැසෙයි. 1989 වසරේ සිට 2003 තෙක් කාලය පුරා ලයිබීරියාවේ සිවිල් යුද්ධයක් පැවැති අතර එයින් රට මුළුමනින්ම අස්ථාවර විය. රටේ විදුලි බල පද්ධතිය ශක්තිමත් කිරීම සිදුවන්නේ ඇමෙරිකාවෙන් ලැබෙන මූල්‍ය ආධාර මතය. ඒ, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සංකල්පයකට අනුවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS