ස්වීඩන අධිකරණය ඇසෙන්ජ් ගැන පරීක්ෂණ අරඹයි



බි‍්‍රතාන්‍ය අත්අඩංගුවේ සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ යළිත් විමර්ශනයක් ආරම්භ කරන බව ස්වීඩනය පවසයි.

ජුලියන් ඇසෙන්ජ් ස්වීඩනයේ දී කාන්තාවන් දෙදෙනකු අපහරණයට ලක් කළේ යැයි 2012 දී චෝදනා එල්ල විය. ඒ අවස්ථාවේදී ඇසෙන්ජ් ඇමෙරිකාවේ උදහකට ලක් වී සිටියේය.

ඒ, විකිලීක්ස් හරහා ඇමෙරිකා රජයේ රහස් රැසක් ප්‍රසිද්ධියට පත් කළ නිසාය. ස්වීඩනය එල්ල කරන චෝදනා අසත්‍ය බවත්, එම චෝදනා සම්බන්ධයෙන් තමන් ස්වීඩනයට ගෙන්වා ගෙන පසුව ඇමෙරිකාවට බාරදීමේ අදහසක් පැවැති බවට ඇසෙන්ජ් චෝදනා නගා තිබුණි. ස්වීඩනය පසුව එම චෝදනා ඉවත දැමීය.
දැන් යළිත් වරක් එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ස්වීඩනය පවසා ඇත.

47 හැවිරිදි ඇනෙස්ජ් 2012 සිට මේ දක්වා ලන්ඩනයේ ඉක්වදෝර් තානිපති කාර්යාලයේ රැකවරණ ලැබ සිටියේය. කෙසේ නමුත් ඉක්වදෝරය ට ඇසෙන්ජ් හිසරදයක් වූ නිසා ඔහු කුදලාගෙන අත්අඩංගුවට ගන්නැයි ලන්ඩන් පොලිසියට අවසර ලැබුණි. 2012 ඇප කොන්දේසි කඩ කිරීමේ වරදට ඇසෙන්ජ් මේවනවිට බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS