යානය ග්‍රහකයට ළං වෙයි



වසර දෙකක් තිස්සේ කළ ලුහුබැඳීමකින් පසු, නාසා රො​බෝ ගවේෂණ යානය පසුගියදා සිය ඉලක්කය වෙත ළඟා වී ඇත. මෙම රොබෝ ගවේෂණ යානය නම් කර ඇත්තේ ඔසයිරිස් රෙක්ස් යනුවෙනි. ඔසයිරිස් රෙක්ස් යානයේ ඉලක්කය ග්‍රහලොවක් නොව ග්‍රහකයකි. එම ග්‍රහකය ‘බෙන්නු’ ය.

 නාසා ආයතනය පසුගිය දා කියා සිටියේ දියමන්තියක හැඩය ගත් ‘බෙන්නු’ ග්‍රහයට සමීප වී, ග්‍රහකයේ වේගයෙන්ම ඊට සමගාමීව ගමන් කරන ‘ඔසයිරිස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය, ලබන 31 වැනිදා ග්‍රහකය මතට ගොඩ බෑමට නියමිතය. මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ රොබෝ ගවේෂණ යානයක්, ග්‍රහකයක සමීප වුණු සහ ගොඩබෑමට තැත් කරන පළමු අවස්ථාව මෙය නොවෙයි.

කෙසේ නමුත් ඇමෙරිකාවේ නාසා ආයතනය ග්‍රහකයක් ග​වේෂණයට රොබෝ යානයක් යැවුණු පළමු අවස්ථාව මෙය වෙයි.

විශ්වයේ වේගයෙන්ගමන් කරන ග්‍රහක පසුපස හඹා ගොස් ඒවා මත ගවේෂණ යානා පතිත කිරීමේ වික්‍රම සාර්ථකව කර ඇත්තේ ජපාන අභ්‍යවකාශ ආයතනයයි. ග්‍රහකයක් ගවේෂණය කර සාම්පල රැස් කර ගනිමින් යළි පෘථිවියට පැමිණීමට ද ‘ඔසයිරිස් රෙක්ස්’ යානය නිර්මාණය කර ඇති බව නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS