බුර්කිනා ෆාසෝ රාජ්‍යයට ප්‍රංශ හමුදා



ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් බුර්කිනා ෆාසෝ රාජ්‍යයට හමුදා බළඇණි යැවීමට තීරණය කළ බව ප්‍රංශය කියයි.

බුර්කිනා ෆාසෝ යනු බටහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. අතීතයේ බුර්කිනා ෆාර්සෝ ප්‍රංශ යටත් විජිතයක් ද විය. ප්‍රංශ ආරක්ෂක ඇමැතිනී ෆ්ලොරන්ස් පාලේ බුර්කිවා ෆාසෝ අගනුවර වන ක්වාගදූගු බලා පැමිණියාය. ඒ, ප්‍රංශ ආරක්ෂක ප්‍රධානීන් ද පිරිවරා ගනිමිනි.

ප්‍රංශ ආරක්ෂක ඇමැතිනිය උණුසුම් ලෙස පිළිගැනීමට බුර්කිනා ෆාසෝ රජය කටයුතු කළේය. ‘ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමටත්, දේශසීමා ආරක්ෂා කිරීමටත් හමුදා සහාය දෙන්නැයි බුර්කිනා ෆාසෝ ජනාධිපති රොච් මාක් ඉල්ලීමක් කර තිබෙනවා. ප්‍රංශ හමුදා බුර්කිනා ෆාසෝ බලා යැවෙන්නේ එම ඉල්ලීම අනුවයි’ යැයි ප්‍රංශ ආරක්ෂක ඇමැතිනී ෆ්ලොරන්ස් පාලේ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බුර්කිනා ෆාසෝ රාජ්‍යයට ඇතුළුවන්නේ මාලි දේශසීමාව හරහාය. ප්‍රංශ හමුදා දේශසීමා ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ඇති බව ද පැවැසෙයි. මේ අතර කැනඩා පතල් කැණීමේ සමාගමක සේවකයන් පිරිසක් රැගත් ට්‍රක් රියකට බුර්කිනා ෆාසෝ හි බොංගු නුවරදී ප්‍රහාරයක් එල්ල විය. එයින් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ක්වාගදූගුහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS