බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 ක් අත්හිටුවයි



ගී‍්‍රස්ම නිවාඩුවෙන් පසු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට අගමැති ජොන්සන් ගත් තීරණය ඊයේ (9) සිට කි‍්‍රයාත්මක වූ අතර යළිත් වරක් පාර්ලිමේන්තු සැසිය ආරම්භ වනු ඇත්තේ සති පහක විරාමකින් පසුවය.

පාර්ලිමේන්තු සැසිය මෙසේ කල් දැමීමට අගමැති ජොන්සන්ට හැකියාව ලැබුණේ ඊට දෙවැනි එලිසබත් මහ රැජිනගේ අනුමැතිය ද හිමිවීමෙන් පසුවය. සති පහකට පසු ලබන ඔක්තෝබර් 14 වැනිදා පාර්ලිමේන්තු සැසිය යළි ආරම්භ වන්නේ මහ රැුජිනගේ රාජාසන කථාව සමඟය.

පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී ඊයේ (9) බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් උත්සාහ ගත්තේ ඔක්තෝබරයේ හදිසි මැතිවරණයක් පැවැත්වීමටය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS