බි‍්‍රක්සිට් සම්මුතියට විරෝධයක්



බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන්, බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමය සමඟ සාකච්ඡුා පවත්වා සකස් කළ දෙවැනි යෝජනාව වූයේ මෙයයි. මහා බි‍්‍රතාන්‍යය ලබන 29 වැනිදාට පෙර යුරෝපා සංගමයෙන් ඉවත් වීම කළ යුතුව ඇත.

පළමු යෝජනාවට ද ප‍්‍රතිවාදී කම්කරු පක්ෂයෙන් පමණක් නොව, අගමැතිනියගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ද දැඩි විරෝධයක් එල්ල විය. නව බි‍්‍රක්සිට් යෝජනාව සම්බන්ධයෙන් කළ ඡන්ද විමසුමේදී, 391 දෙනකු එම යෝජනාවට විරෝධය දක්වමින් ඡන්දය ලබා දුන් බවත් පක්ෂව ඡන්දය දුන්නේ 242 ක් පමණක් බවත් වාර්තා වේ.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS