ප‍්‍රබල භූමි කම්පාවකින් කැලඹේ



ඕස්ටේ‍්‍රලියාවට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ පිහිටි නිව් කැලෙඩෝනියා දූපත ප‍්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හටගත්තේ දූපතේ ගිණිකොන දෙසින් පිහිටි ටඞීන් නගරයට කිලෝ මීටර් 168 ක් දුරින් මුහුදේ කිලෝ මීටර් 10 ක් ගැඹුරින් බව භූ විදයාඥයෝ පවසති.

නිව් කැලෙඩෝනියා යනු ප‍්‍රංශ පාලනයට නතු දූපත් රාජ්‍යයක් වන අතර එහි ජනගහනය 2,70,000 කි. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු නිකුත් කෙරුණේ ෆීජි ඇතුළු අසල්වැසි සෙසු දූපත් රාජ්‍යවලටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS