පාප්තුමත් එන්නත ගන්න සූදානමින්



ඉදිරි සතියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගන්නා බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.

කැනාලේ 5 රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාප්තුමෝ ඒ බව කීහ.

‘‘මා ලබන සතියේදී එන්නත ලබාගන්නවා. මම ඒ සඳහා කාලය වෙන් කරවාගත්තා. අප එය කළ යුතු යි. අපි වතිකානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනවා. එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම සියදිවි නසාගැනීමක් හා සමානයි. මට එය විස්තර කරන්න බැහැ. අප අදම එන්නත් ලබාගන්න ඕනෑ’’ යැයි පාප්තුමෝ කීහ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS