ප්‍රංශයේ බස් රථ අනතුරක්: ශ්‍රී ලාංකිකයකුටත් තුවාල



ප්‍රංශයේ සිදුවුණු බස් රථ අනතුරකින්, 33 දෙනෙක් තුවාල ලැබූහ. එම 33 දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව පැවැසෙයි.

බස් රිය පෙරැළී අනතුරට පත් වී ඇත්තේ රියැදුරුගේ නොසැලකිල්ලෙනි. එම අවස්ථාවේ බස්රිය පැරිස් නුවර සිට ලන්ඩන් නුවර බලා ධාවනය වෙමින් තිබුණු බව ද පැවැසෙයි.

බස් රියේ ප්‍රංශ ජාතිකයන් 11 දෙනකු සහ විදේශිකයන් 22 දෙනකු සිට ඇති බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS