ධවල මන්දිරයට ඇරැයුම්



ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඇමෙරිකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇරැයුම් කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ධවල මන්දිරයට පැමිණෙන්නැයි ජනපති ට්‍රම්ප් මෙම කාන්තා පාපන්දු පිළිට ඇරැයුම් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ඊට හේතුව, මෙවර කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට ඇමෙරිකන් කණ්ඩායම සමත් වූ බැවිනි.

අවසන් තරගයේදී ඇමෙරිකන් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ නෙදර්ලන්ත කන්ඩායම දෙකට බිංදුවක් ලෙස පරදවමිනි. තරගය පැවැත්වූයේ ප්‍රංශයේ ලියොන් නුවරය. ඇමෙරිකා කාන්තා පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන කිරුළ දිනුවේ සිවුවැනි වරටය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS