ට්‍රම්ප් කුලුනේ ගින්නක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර මූලස්ථාන ගොඩනැගිල්ල මෙන්ම ඔහුගේ නවාතැන ද පිහිටා ඇති නිව්යෝක් නුවර ට්‍රම්ප් කුලුන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ ගින්නක් හටගත්තේය.

ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ මැන්හැටන් පළාතේය. ගොඩනැගිල්ලේ සුඛෝපබෝගී මහල් නිවාස රැසක් ද වෙයි. ගින්න හටගෙන ඇත්තේ ඉහළ මහලේය.

එය පහසුවෙන් නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි. ගින්නෙන් කාටවත් අනතුරක් සිදු නොවිණි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS