කොරෝනා මැද පැවැති සංගීතේ



කොරෝනා වසංගතය මැද ස්පාඤ්ඤයේ බාසෙලෝනා නුවර සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර, ඊට සහභාගී වූ පිරිස 5,000 කි.

සංගීත ප්‍රසංගයට වර්ණවත් කළේ 'ලව් ඔෆ් ලෙස්බියන්' නමැති සංගීත කණ්ඩායමය. 'ලව් ඔෆ් ලෙස්බියන්'  යනු ස්පඤ්ඤයේ අතිශය ජයප්‍රිය සංගීත කණ්ඩායමකි.

සංගීත ප්‍රසංගය පැවැත්වූයේ පාලූ සැන්ට් ජෝදී දැවැන්ත රඟහලේය. සංගීත ප්‍රසංගය පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය අංශ මැදිහත් වී සකස් කළ මාර්ගෝපදේශ අනුවය.

සංගීතය ප්‍රසංගය නැරැඹීමට පැමිණි 5,000 ක පිරිස සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම විශේෂත්වයකි. සංගීත ප්‍රසංගයට පෙර උදෑසන එය නැරැඹීමට සූදානම් වූ සියලු දෙනා රැපිඩ් කොරෝනා පරීක්ෂණවලට යොමු කෙරුණු අතර, කොරෝනා ආසාදිතයන් ද නැද්ද තහවුරු කර ගැණින.

ප්‍රසංගයට යද්දී සැමට මුහුණු ආවරණ අනිවාර්ය කෙරුණු නමුත් සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් තහංදි පැනැවීමක් සිදු නොවිණි. ඒ අනුව, රැය පුරා නටමින්, එතිනෙකා වැළඳගනිමින්, ගී ගයමින් සංගීතයට පැමිණි පිරිස විනෝද වූ බව පැවැසෙයි.
ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ පවසන්නේ, සංගීත ලෝලීන් මෙසේ තම මාර්ගෝපදේශ අකුරට පිළිපඳින්නේ නම් ඉදිරියේ දී තවත් සංගීත සංදර්ශන සහ වේදිකා නාට්‍ය රඟ දැක්වීමට රජය පියවර ගනු ඇති බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS