කොරෝනා නව විකෘතිය රුසියාවෙන් හමුවෙලා



එංගලන්තයෙන් පළමු වරට හඳුනාගත්, ‘කොවිඞ් 19’ වයිරසයේ විකෘතිකරණයට ලක්වුණු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයකු හඳුනා ගැනීමට හැකිවුණැයි රුසියාව ඊයේ (10) පැවැසීය.

මෙම ආසාදිතයා මහා බ්‍රිතාන්‍යයේ සිට රුසියාව බලා පැමිණි රුසියානුවෙකි. මහා බි්‍රතාන්‍යය යනු එංගලන්තය, වේල්සය,

ස්කොට්ලන්තය සහ අයර්ලන්තයයි. එංගලන්තයෙන් වාර්තා වූ වයිරස විකෘතිය මහා බ්‍රිතාන්‍යය පුරාවට ව්‍යාප්ත විය. එය විදේශවලට පැතිරීම ඉන්පසු සිදුවිය.

මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 3,401,654 කි. මරණ වාර්තා වන්නේ 61,837 ක් ලෙසය. රුසියාව ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති එන්නත වන්නේ ‘ස්පුට්නික් 5’ ය. මෙම එන්නත මේ වනවිට රුසියානු වැසියන්ට ලබා දීම සිදුවෙමින් පවතී. ඒ, හදිසි තත්ත්වයක් සේ සලකමිණි.

‘ස්පුට්නික් 5’ එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ ‘ගැමලේයා’ සමාගමය. ඒ, රුසියන් රජයේත් සෞඛ්‍ය අමත්‍යාංශයේන් එකමුතුවෙනි.

‘ස්පුට්නික් 5’ එන්නතට ‘කොවිඞ් 19’ වයිරසයේ නව ප්‍රභේදය අඩපණ කළ හැකි යැයි විශ්වාස කෙරේ.

මේ අතර ජපානයෙන් ද නව කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් හමුවීමට පටන්ගෙන තිබේ. එහි සුලමුල සොයා යද්දී, වයිරස ප්‍රභේදය ජපානයට ගෙනැවිත් ඇත්තේ බ්‍රසීලයෙන් ආ ජපන් වැසියන් පිරිසක් බව තහවුරු වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS