ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක ගින්නක්



ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ බටහිර ජාවා හි පිහිටි බලොන්ගැන් නමැති තෙල් පිරිපහදුවේ යැයි ද පැවැසෙයි.

ගින්න හටගත් අවස්ථාවේ පිරිපහදුවේ සේවය කරමින් සිටි සේවකයන් ගණණ 950 කි. ඔවුන් සියලු දෙනා ඉවත් කර ගැනීමට හැකිවුණු බව ද ඉන්දුනීසියා පුවත් සේවා පවසයි.

ඉන්දුනීසියානු තෙල් සංස්ථාවට අනුව, දිනකට ඉන්ධන බැරල් එක්ලක්ෂ විසිපන්දහසක් පිරිපහදු කෙරෙන්නේ මෙම පිරිපහදුවෙනි. හටගත් ගින්න පාලනය කර ගැනීමටත් පසුව නිවා දැමීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ජකර්තාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS