ඉන්දියාවෙන් ආසාදිතයෝ 50,000 ක්



ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 50,000 පසු කළ බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු අද (30) පැවැසූහ.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පැවැසූ අන්දමට පැය 24 ක කාලයේ එරටින් හමුවුණු ආසාදිතයන් ගණන 52,123 කි. පැය 24 ක් ඇතුළත මේ අයුරින් ආසාදිතයන් 50,000 පසු කළ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 15,83,792 පසු කළේය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 40,0000 කි. මේ අතර, ඉන්දියානුවන් 10,20,582 ක් වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලබා ඇත.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS