ආසාදිතයන් දිනපතා ඉහළ යනවා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දිනපතා ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ ඉන්දියාවෙන් පමණක් ගතවුණු පැය 24 ඇතුළත ආසාදිතයන් 94,000 ක් හමුවීමත් සමඟය. ඒ අනුව, එක් දිනකදී ලොව නන්දෙසින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 307,930 ක් ලෙස වාර්තා විය.

කොරෝනා ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. පළමු ස්ථානයේ ඇත්තේ ඇමෙරිකාවය. ලොව වැඩිම මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.

මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 28.8 කි. මරණ වාර්තා වන්නේ 9,22,000 ක් ලෙසිණි. ඉදිරි පැය 24 ඇතුළත ලොව සමස්ත කොරෝනා මරණ 10,00,000 පසු කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS