ලොව හද දිනූ අගමැති පිය - පුතු



කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ සමාජ ජාල තුළ ජනප්‍රිය ලෝක නායකයෙකි.

ඔහු සිය තුන් හැවිරිදි පුතු අගමැති කාර්යාලය වෙත රැගෙන ආවේ සමාජ ජාලවල අවධානය යළි දිනා ගනිමිනි.

තරුණ අගමැතිවරයාට එදින කාර්ය බහුල දිනයක් වුවත් සිය පුතු පුංචි ට්රූඩෝ සමග හැංගි මුත්තම් සෙල්ලම් කිරීමට ද ඔහු අමතක නොකළේය.ජස්ටින් ට්රූඩෝගේ පියා (පියේ ට්රූඩෝ) ද කැනඩාවේ හිටපු අගමැතිවරයෙකි

අගමැති ජස්ටින් ට්රූඩෝගේ සහ ඔහුගේ පුතුගේ ඡායාරූප සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, "ඔබ කුඩා අවදියේ ඔබේ පියා, පියේ ට්රූඩෝ සමග ගත් මෙවැනිම ඡායාරූපයක් මට තාම මතකයි" යනුවෙන් එක් සමාජ ජාල ගිණුම් හිමියෙක් පවසා තිබිණි.
එය ජනප්‍රියත්වය පිණිස ගත් ක්‍රියාමාර්ගයක් ද නැද්ද යන්න කෙසේ වෙතත් අගමැතිවරයා සිය පවුලට ලැදි පුද්ගලයෙකු බව තවත් සමාජ ජාල ගිණුම් හිමියෙක් සඳහන් කොට ඇත.

කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ ජාත්‍යන්තර අවධානය දිනාගත් පළමු අවස්ථාව මෙය නොවේ. 

නිදහස් මතධාරියකු වන ඔහු කැනඩාවේ සරණාගතයන් සිය රටට භාර ගැනීම, සමරිසි පා ගමනකට එක්වීම සහ තමා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකු (feminist) බව ප්‍රසිද්ධියේ පිළිගැනීම වැනි ක්‍රියා ඔහුගේ ආධාරකරුවන්ගේ පැසසුමට ලක් විය.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි......

 


RECOMMEND POSTS