මව්කිරිවල ගුණ කියන පිලිපීන අම්මලා



දරුවන්ට මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා මව්වරුන් දෙදහසක් පමණ පිලිපීනයේ මැනිලා අගනුවරට එක් වූහ.

මව්කිරි දීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි පිළිබඳ සමාජය දැනුවත් කිරීමත් අග්නිදිග ආසියානු රටවල මව්වරුන් ඒ සඳහා උනන්දු කරවීමත් එම වැඩසටහනේ අරමුණයි.ඒ අනුව වැඩසටහනට එක් වූ මව්වරුන් සියලු දෙනා එක් වර සිය දරුවන්ට කිරි ලබා දුන්හ.

මව්කිරි ලබා දීමේදී බොහෝ මව්වරුන්ට දුෂ්කරතා පැන නගින අතර ඒ හේතුවෙන් සිය දරුවන්ට පිටිකිරි ලබා දීමට මව්වරු පෙළඹෙති.

"මව්කිරි දීමේදී බොහෝ මව්වරුන්ට ගැටලු පැන නගින නිසා දරුවන්ට පිටිකිරි දීමට ඔවුන් පෙළඹෙනවා. මාධ්‍ය ඔස්සේ පිටිකිරි ලබා දීමට උනන්දු කරන නිසා මව්කිරි දීමේ වැදගත්කම ඔවුන් දකින්නේ නැහැ" වැඩසටහනට එක් වූ මවක් සඳහන් කලාය.

මව්කිරි ගුණයෙන් අනූන මෙන්ම දරුවන් රෝගවලින් ආරක්ෂා කිරීමට ද උපකාර වේ ගපළමු මාස හය දක්වා දරුවන්ට මව්කිරි ලබා දිය යුතු බව විශේෂඥ මතයයි.2013 වසරේදී ලොව පුරා කරන ලද සමීක්ෂණයකට අනුව මව්කිරි ලබා දෙන්නේ මව්වරුන්ගෙන් 38% පමණි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS