සෞදි රජ පවුලේ කොරෝනා පැතිරෙනවා



සෞදි රජ පවුලේ සාමාජිකයන් අතරේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වේ.

මේ වනවිට රජ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු රෝගයට ගොදුරු වී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත් පත උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කර තිබේ.

70 හැවිරිදි වියෙහි පසුවන රියාද් ආණ්ඩුකාරවරයා ද වන ෆයිසාල් බින් අබ්දුල්ලාසී අල් සෞද් කුමරුන් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබේ.

වයිරස ව්‍යාප්තියත් සමඟ ඔටුන්න හිමි සල්මාන් කුමරු හුදෙකලා වී සිටින බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS