සිරියාවට පහර දෙන්න: ට්‍රම්ප් අණ දෙයි



සිරියානු රජය යටතේ පවතින රසායනික අවි නිෂ්පාදන කම්හල් සහ රජයේ හමුදා ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් හමුදාවට නියෝග කර ඇත.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ රජයට ඇමෙරිකාවෙන් විරෝධයක් එල්ල වූයේ සිරියාවේ ගූඨා පළාතේ ඩෝමා නගරයට ඉකුත් දා එල්ල වුණු රසායනික විස වායු ප්‍රහාරය මුල්කොට ගනිමිනි.

ට්‍රම්ප්ගේ අණ පරිදි, සිරියාවට ඔබ්බෙන් මහධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැව් එම මිසයිල ප්‍රහාර එල්ල කරනු ඇති බව ද පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණය අනුමත කරමින්, ඇමෙරිකාවට සහාය පළ කරමින් තමන් ද එම සටනට එක් වෙන බව ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද පවසා ඇත.

සිරියානු ජනාධිපති බලයේ සිටීම හෝ ඔහු බලයෙන් ඉවත් කිරීම පිළිබඳ ගැටලුවක් නැති බවත්, සිරියාවේ අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් මෙම ප්‍රහාර එල්ල කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS