සල්මාන් කුමරු ස්පාඤ්ඤයේ



ප්‍රංශ නිල සංචාරය අවසන් කරමින් සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ස්පාඤ්ඤයට පැමිණියේය.

තම පළමු නිල සංචාරය ආරම්භ කර සිටින සල්මාන් කුමරු මුලින්ම පැමිණියේ ප්‍රංශයටය. ස්පාඤ්ඤ සංචාරයේදී සල්මාන් කුමරු එරට හයවැනි පිලිපේ රජු, අගමැති මරියානෝ රාජෝයි සහ තවත් නිලධාරීන් පිරිසක් හමුවීමට නියමිතය.

මෙම සංචාරයේදී දෙරටට බලපාන පොදු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

සෞදියේ ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරු තම පළමු යුරෝපා සංචාරය ආරම්භ කරමින් ප්‍රංශයට පැමිණියේ අප්‍රේල් (8) වැනිදාය.  ඇමෙරිකා එක්සත් ජනපදයේ සති තුනක සංචාරයකින් අනතුරුව ඔටුන්න හිමි කුමරු මෙලෙස යුරෝපා සංචාරය ආරම්භ කළේය. ඇමෙරිකා සංචාරයට පෙර සල්මාන් කුමරු මාර්තු මාසයේදී බි්‍රතාන්‍යය සංචාරයක නියැලුණේය.

හර්ෂණ තුෂාර සිල්වා

අල් ඇරබියා ඉංග්‍රිලිෂ් 


RECOMMEND POSTS