ලෝක වාර්තාකවට සැරසෙයි



ශරීරයේ වැඩිම මීමැස්සන් ප්‍රමාණයක් රඳවාගත් පුද්ගලයා ලෙස නව ලෝක වර්තාවක් තැබීමට ෂුහයිර් කටානි නැමති සෞදි ජාතිකයා සූදානම් වන බව වාර්තා වේ.

ලෝක වාර්තාව සැප්තැම්බර් 11දින තැබීමට සූදානම් වන අතර කිලෝග්‍රෑම් 100කට වඩාවැඩි බරකින් යුත් මීමැස්සන් ප්‍රමාණයක් ශරීරය පුරා රඳවාගැනීමට සෞදි ජාතිකයා උත්සහ කරන බව වාර්තා වේ.

කිලෝග්‍රෑම් 63.7ක් බර මීමැස්සන් ප්‍රමාණයක් ශරීරයේ රඳාගෙන නව ලෝක වාර්තා තැබීමට 2017 වර්ෂයේදි උත්සහ දරා ඇති අතර අධික හිරු රශ්මිය හේතුවෙන් මීමැසි රැජින මීමැස්සන් සමඟ පිට වී ගොස් ඇත.

කිලෝග්‍රෑම් 120කට වඩා වැඩි බරකින් යුත් මීමැස්සන් ප්‍රමාණයක් රඳාවා ගෙන පසුගිය සති කීපයේදි පුහුණුවීම්වල නිරත වු බව ඔහු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS