පලස්තීනුවන්ට පිටුපාන්නේ නෑ



ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නගන පලස්තීනුවන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත්, කිසිම අවස්ථාවක පලස්තීනුවන්ට තමන් පිටුපාන්නේ නැති බවත් ඉරානය වෙනුවෙන් එරට විදේශ ඇමැති මොහම්මද් ජාවද් සරීෆ් කියයි.

ඉරානය වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයා මෙසේ කියා සිටියේ ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 17 දෙනකු මියයෑමත් 1,400 ක පිරිසක් තුවාල ලැබීමත් සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

ඊශ්‍රායල හමුදාව කඳුළු ගෑස් හෝ රබර් උණ්ඩ හෝ යොදා නොගෙන, ජීව උණ්ඩ යොදා ගනිමින්, පලස්තීන විරෝධතාකරුවන් මර්දනය කළ අයුරු කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉරානය පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS