නීතිවිරෝධි සන්නිවේදන උපකරණ



ඕමාන විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව නීතිවිරෝධි සන්නිවේදන උපකරණ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ. 

විවිධ ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලින්නීතිවිරෝධි උපකරණ අත්අඩංගුවට ගැනීමටවිදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ පරීක්ෂකවරුන් සමත් වී ඇත.

බලපත්‍ර ලබා නොගෙනබොහොමයක් උපකරණ භාවිතා කර ඇති බවට වැටලීම්වලින් පසු අනාවරණය කර ගෙන ඇත. 

පරිගණක සහ ජංගම දුරකථනවලට භාවිතා කරන මෘදුකාංගද නිසි ප්‍රමිතියකින් තොර ඒවා බවට සොයා ගෙන ඇත.

සන්නිවේදන උපකරණ අලවි කිරීමට පෙර විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ අවසරය ලබාගත යුතු බවත් නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව අධිකාරිය අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS