තුර්කියේ කොරෝනා මරණ 200 පනී
තුර්කියේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 214 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා ආසාදිතයන් 42 දෙදෙනකු මියගිය බව ද වාර්තා වේ. ගතවුණු පැය 24 ඇතුළත තුර්කියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 2,704 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 13,500 පසු කළේය.
අන්කාරාහිදීය (රොයිටර්)